කෝටි අටක මහල් නිවසක් ආක්ෂේ ගනියි
සුපිරි බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර් මුම්බායි නගරයේ පිහිටි ඉන්දිය රුපියල් කෝටි 8කට ආසන්න මුදලකට මහල් නිවසක් මිළඳි ගැනීමට තිරණය කර ඇතැයි වාර්තා වේ. ඔහු මීට දින කිහිපයකට පෙර අන්දේරා ප්රදේශයේ ඔහු සතුව තිබු ගෘහස්ත දේපලක් ඉන්දීය රුපියල් කෝටි 9කට විකුණා දමා තිබුණ අතර, එම මුදලින් මෙම මහල් නිවස ඔහු ගැනිමට තිරණය කර තිබෙන බව සඳහන් වෙයි.
වාර්ෂිකව ඉහළ ආදායමක් උපයන නළුවෙකු ලෙස ප්රසිද්ධ ආක්ෂේ කුමාර් පසුගිය වසරේදීද වැඩිම ආදායමක් උපයාගත් නළුවා බවට පත් විය. ඔහු රංගනයෙන් දායක වූ ‘සූර්යවංශි’ පසුගිය වසරේ ඉහළම ආදයමක් ඉපැයූ චිත්රපටය බවටද පත්ව තිබුණි. ඔහු විසින් මුම්බායි හි මිළඳි ගැනිමට තිරණය කර ඇති මහල් නිවාසය අවට සුපිරි තරු බොහේමයක්ද පදිංචිව සිටින බවට තහවුරු වෙයි.