කංගනාගේ ‘තලායිවි’ ප්‍රදර්ශන දිනය නම් කෙරේ
අවස්ථා කිහිපයකදිම ප්‍රදර්ශනය වන දිනය වෙනස් කළ ඒ.එල්. විජේගේ ‘තලායිවි’ චිත්‍රපටයේ ප්‍රදර්ශනය වන දිනය පසුගියදා නැවත වරක් අලුත් කර තිබේ. ඒ සැප්තැම්බර් 10 වැනිදාය. හින්දි, දමිල හා තෙළෙඟු භාෂා ත්‍රිත්වයෙන්ම නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය තමිල්නාඩු මහා ඇමතිනි ජයලලිතා ජයරාම්ගේ ජීවිත කතාව අලලා නිර්මාණය වූවකි.
සුපිරි බොලිවුඩ් සිනමා නිළි කංගන රනවුත් මෙහි ජයලලිතාගේ චරිතය නිරූපණය කරන අතර, එම්.ජී.ආර්ගේ චරිතය අරවින්ද් ස්වාමි විසින් නිරූපණය කරනු ලබයි. ඉහළ නිෂ්පාදන පිරිවැයක් දරමින් නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය බොහෝ ප්‍රේක්ෂකයෝ පිරිසක් පුල පුලා බලා සිටින චිත්‍රපටයක්ද වෙයි.