එව්ලින් ෂර්මා දෙවැනි වතාවටත් මව් පදවිය ලබයි
මීට වසර දෙකකට පෙර ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නගරයේ පිහිටි පෞද්ගලික රෝහලක දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකු ලෙස සේවයේ නිරතව සිටින තුෂාන් බිහන්දි සමගින් විවාහ වූ බොලිවුඩ් සිනමා නිළි එව්ලින් ෂර්මා මේ වනවිට නැවත වරක් ගැබි ගෙන සිටියි.
දැනට ගැහැණු දරුවෙකුගේ මවක්ද වන එව්ලින් මෙසේ යළිත් ගැබි ගෙන ඇත්තේ සිය පළමු දරුවා ඉපිදි මාස 11කට පසුව වීම විශේෂත්වයකි. මේ වනවිට සිවුමස් ගැබිණියක්ව සිටින එව්ලින් තමා දෙවැනි වරටත් ගැබිගත් බව සිය සමාජ පිටු හරහා මීට දින කිහිපයකට පෙර ප්‍රසිද්ධ කර ඇත.