එන්නේ නැ කියපු පැටින්සන් ආයෙත් බැට්මැන්ට පණ පොවයි
පසුගිය වසරේ ද බැට්මැන් චිත්රපටය හරහා දුටු රොබට් පැටින්සන් 2025 වසරේ ඔක්තෝබර් මස 03 වැනිදා ප්රදර්ශනය කිරීමට සූදානම් කර ඇති බැඩ්මැන් දෙවැනි කොටස සඳහා එක්වීමට මේ වනවිට සිය කැමැත්ත පළ කොට ඇතැයි වාර්තා වෙයි.
දැනට මෙහි නිල තොරතුරු DC යුනිවර්ස් ආයතනය විසින් වසන් කර ඇති අතර, බැට්මැන් දෙවැනි කොටස සඳහා පැටින්සන් පමණක් එකතු වෙන බව නිල වශයෙන් තහවුරු කර ඇත. කෙසේ වෙතත්, මේ වසරේ තිරගත වෙන ප්ලැෂ් චිත්රපටයේ බැට්මැන් චරිතයට බෙන් ඇෆ්ලොක් රංගනයෙන් දායක වෙයි.