එකම චරිතයකට කොටු වෙන්න අකමැති රම්‍යා ක්‍රිෂ්ණන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ආදායම් උපයා ගැනීම අතින් අදටද වාර්තා තබා තිබෙන ‘බාහුබලි’ චිත්‍රපටයේ ශිවගාමි දේවි චරිතය හරහා ලෝකයේම ජනප්‍රියත්වයට පත් රම්‍යා ක්‍රිෂ්ණන් සිය අලුත්ම චිත්‍රපටය වූ ‘ලිගර්’ හි ප්‍රචාරක කටයුත්තක් සඳහා මීට දින කිහිපයකට පෙර රූපවාහිනි ආයතනයක මාධ්‍යය සාකච්ඡාවක් සඳහා එක්ව තිබුණි.

එහිදි ඇය පවසන්නේ තමන් එකම චරිතයකට සීමා නොවි විවිධ චරිත හරහා ප්‍රේක්ෂයින් අතර පැමිණිමට කැමැත්තෙන් සිටින බවය. දැනට වයස අවුරුදු 51ක් වුවද තමන් තවමත් පෙම්වතියකගේ චරිතයක් නිරූපණය කරන්නට කැමැත්තෙන් පසුවන බවද ඇය මෙහිදි පවසා ඇත.