උපන්දිනදා සිය පෙම්වතාව ප්‍රසිද්ධ කළ ඇලයා
ජවානී ජනේමන් චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට පිවිසි ඇලයා ඊබ්‍රහිම් මේ වනවිට බොලිවුඩයේ සිටින දක්ෂ යොවුන් රංගන ශිල්පිනියකි. ජවානී ජනේමන් චිත්‍රපටය කළ රංගනය උදෙසා 66 වැනි ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේදී හොඳම නැගී එන නවක නිළියට හිමි සම්මානයද ඇය විසින් දිනාගනු ලැබුවාය.
පසුගිය නොවැම්බර් 28 වැනිදාය ඇලයාට වයස අවුරුදු 25 සම්පුර්ණ වූ අතර, ඒ වෙනුවෙන් සිය නිවසේ උපන්දින සාදයක් ඇය විසින් සංවිධනය කර තිබුණි. ඊට ඇගේ දෙමාපියන් වන පූජා බේඩි සහ ෆර්හාන් ෆර්නිචුවාලා, සිනමා නළු හර්ෂවර්ධන කපූර්, සාහිල් සංගා වැනි මිතුරන් මෙන්ම ඇගේ පෙම්වතා යැයි කියනු ලබන අශ්වර් තැකරේද මීට පැමිණ සිටි බව සඳහන් වෙයි. ඇය සිය පෙම්වතා ප්‍රසිද්ධ කළ පළමු වතාවද මෙය වීම විශේෂත්වයකි.