ඊබ්‍රහිම් අලි ඛාන් දැන් පෙම්වතෙක්ද?
සිනමා නිළි අම්රිතා සිං හා සුපිරි බොලිවුඩ් සිනමා නළු සායිෆ් අලී ඛාන්ගේ වැඩිමහල් පුත් ඊබ්‍රහිම් අලි ඛාන් මේ වනවිට පෙම්වතෙක්ව සිටිනවාද යන්න බොහෝ දෙනෙකුට පැණයක් මතුව තිබේ. එයට හේතුව නම් පසුගිය සති අන්තයේදී ඔහු මුම්බායි හි ප්‍රධාන් පෙළේ අවන්හලකින් තරුණියක් සමග පිට වෙන ඡායාරූප කිහිපයක් මේ වනවිට අන්තර්ජාලය තුළ ප්‍රසිද්ධ වී තිබිමය.
ඊබ්‍රහිම් අලි ඛාන් සමග මෙසේ එම අවන්හල තුළින් පිටව යන්නේ මේ වනවිට බොලිවුඩ් සිනමාවට සම්බන්ධව සිටින පලක් තිවාරි සමගය. පලක් යනු ජනප්‍රිය උතුරු ඉන්දීය ටෙලි නාට්‍යය නිළි ශ්වෙතා තිවාරිගේ වැඩිමහල් දියණිය වෙයි. කෙසේ වෙතත්, පලක් මෙම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් පවසා තිබුණේ ඊබ්‍රහිම් යනු තමාට සිටින තවත් එක් පිරිමි මිතුරෙක් පමණක් බවය.