ඉවරයක් නොමැති ටයිගර්ගේ ආදර කතාවේ අලුත්ම තත්වේ
ජනප්‍රිය බොලිවුඩ් සිනමා තරු යුවළක් වන ටයිගර් ෂෙරෙෆ් හා ඩිෂා පටානි අතර වසර කිහිපයක් තිස්සේ පැවති ආදරය සම්බන්ධය මේ වනවිට බිඳි ඇති බවට තොරතුරු ලැබේ. කාලයක් තිස්සේ ඔවුන් දෙදෙනා අතර යම් යම් විරසක වීම් වාර්තා වුවද ඔවුන්ගේ ප්‍රේමය නිතරම ලෝකයාට ශක්තිමත්ව ප්‍රදර්ශනය කර තිබුණි.
කෙසේ වෙතත්, මීට දින කිහිපයකට පෙර බොලිවුඩ් සිනමා වෙබ් අඩවි කිහිපයක්ම වාර්තා කර තිබුණේ ටයිගර්, ඩිෂා ප්‍රේම සම්බන්ධය මේ වනවිට අවසන්ව ඇති බවය. නමුත්, මෙම ප්‍රේම සම්බන්ධය නිමාවීමිට හේතුව තවමත් තහවුරු වී නෙමැති බව සඳහන් වෙයි.