ඉම්රාන් ඛාන් තම දික්කසාදය ගැන කිව්ව කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ළමා කාලයේ සිට තම පෙම්වතිය වූ අවන්තිකා මලික් සමගින් වසර ගණනාවක් තිස්සේ විවාහ වී සිටි සිනමා නළු ඉම්රාන් ඛාන් මේ වනවිට තනිකඩ ජිවීතයක් ගත කරමින් සිටියි. ඉම්රාන් මේ වනවිට නැවතත් සිනමා රංගනයට පැමිණ සිටින අතර, ඒ නිසාම ඔහු පිළිබඳව කතිකාවක් මේ වනවිට බොලිවුඩයෙන් මතුව තිබේ.

ඇත්තටම මට විශ්වාස කරන්න බැහැ මගේ විවාහය බිඳ වැටුණ ඒක. අවන්තිකා මා පොඩි කාලේ ඉඳලාම දන්න කෙනෙක්. කොහොම හරි විවාහයත් සමග මම මානසිකව වැටුණා. 2015 වසරේ කට්ටි බට්ටි චිත්‍රපටය නිකුත් වෙන කොටත් මගේ මානසිකත්වය එතරම් යහපත් මට්ටම තිබුණේ නැහැ. බොහෝ විට ඒ දේ මගේ විවාහ බිඳ වැටෙන්න හේතු වුණා.