ඉන්ෂාල්ලාහ් චිත්‍රපටයට බන්සාලි තෝරගන්න මෙගා තරු

  • 20-04-2023
  • Views 102

2023 වසරේ ඔක්තෝම්බරයේදී නෙට්ෆිලෙක්ස් හරහා සංජේ බන්සාලි සිය පළමු ටෙලි කතා මාලාව නිකුත් කිරීමට මේ වනවිට සූදානමින් සිටියි. ඒ හිරා මංඩි ටෙලි නාට්‍යයි. මෙහි රූපගත කිරිම් මේ දිනවල ළහිලහියේ සිදුවන අතර, ඊට ජනප්‍රිය සිනමා තරු රැසක්ද රංගනයෙන් දායක වෙයි.

පද්මාවත් චිත්‍රපටයෙන් පසුව ඔහු මේ වනවිට සිය අලුත්ම චිත්‍රපටය වූ ඉන්ෂාල්ලාහි වැඩ කිරීමටද සූදානමින් සිටියි. මුලින් ඊට සල්මාන් ඛාන් තෝරාගෙන තිබුණ අතර, මූල්‍ය ප්‍රශ්න නිසා කිහිපයක් නිසා සල්මාන් ඉන් ඉවත්වූ බව සඳහන් වෙයි. මේ වනවිට බන්සාලි තවත් මෙගා තරු දෙකක් ඊට සම්බන්ධ කරගෙන තිබෙන බව සඳහන් වෙයි. ඒ 90 දශකයේ හොඳම මෙගා තරු දෙකක් බව ඔහු කියයි.