ඉන්දියාව ආඩම්බරයට පත් කළ දිපීකා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉන්දියාව යළිත් වතාවක් ආඩම්බරයට පත් කරමින් දිපීකා පදුකෝන් මීට දින කිහිපයකට පෙර නිමාව දුටු ෆීපා පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයේදී සැබැ ෆිපා කුසලානය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගි විය. එය ඉන්දීය සිනමා තරුවක් ලෝකයේම අවධානය දිනාගන්නා ක්‍රීඩා තරගාවලියක අවසන් මහා තරගයේ මෙම කර්තව්‍යයට දායක වූ පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එකතු විය.

බරින් කිලෝග්‍රෑම් 6.175 ක් සහ කැරට් 18 රත්තරන් වලින් සාදන ලද මෙම සැබෑ කුසලානය දිපිකා විසින් එළිදැක්වූයේ ඩුබායි හි ලුසෙයිල් පාපන්දු ක්‍රීඩාංගණයේදීය. සුදු කමිසයකින් හා දුඹුරු පැහැති කබායකින් සැරසි මෙම අවස්ථාවට එක්ව සිටි දිපිකාගේ ඇදුම් විලාසිතාව කෙරෙහිද බොහෝ පිරිසකගේ අවධානය යොමුව තිබුණි.