‘ඉන්දීයන්’ දෙවැනි චිත්‍රපටයේ රඟපාන්න රකුල්ටත් අවස්ථාවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වනවිට බොලිවුඩ් චිත්‍රපට සඳහා වැඩිපුරම දායකත්වයක් ලබා දෙන දකුණු ඉන්දීය නිළියක් බවට පත්ව ඇති රකුල් ප්‍රිත් සිං තවත් නොබෝ දිනකින් යළි රූපගත කිරිම් ආරම්භ කරන කමල් හසන්ගේ ‘ඉන්දීයන්’ දෙවැනි චිත්‍රපටයේ රඟපෑමට අවස්ථාවක් ලැබි තිබේ.

මෙම චිත්‍රපටය තුළ ප්‍රධාන නිළි චරිත තුනක් ඇතුළත්ව තිබෙන අතර, ඉන් එක් චරිතයක් සඳහා මෙසේ රකුල් තෝරාගෙන තිබෙන බව සඳහන් වෙයි. ඉතිරි චරිත කාජල් අග්‍රාවාල් හා ප්‍රියා භවානි ශංකර්ට ලැබි තිබේ. කෙසේ වෙතත්, ‘ඉන්දියන්’ දෙවැනි චිත්‍රපටය තවමත් ප්‍රදර්ශනය වන දිනයක් නම් කර නොමැති බව සඳහන් වෙයි.