‘ඉන්ඩියානා ජෝන්ස්’ චිත්රපටයට ක්රිස් ප්රිට් එන්නේ නැහැ
‘ගාඩියන් ඔෆ් ද ග්ලැක්සි’ හා ‘ජුරාසික් වර්ල්ඩ්’ චිත්රපටවල දුටු සුපිරි හොලිවුඩ් සිනමා තරුව වන ක්රිස් ප්රිට් 2023 වසරේදී නිර්මාණය කරන්නට සැළසුම් කර ඇති ‘ඉන්දියානා ජෝන්ස්’ චිත්රපටය සඳහා එක්වීමට අකමැත්ත පළ කර තිබෙන බවට තොරතුරු වාර්තා වෙයි.
මේ වනවිට ‘ඉන්දියානා ජෝන්ස්’ චිත්රපටයේ අලුත්ම චිත්රපටය නිර්මාණය වෙමින් පවතින අතර, එහි 80 වැනි වියෙහි පසුවන හැරිසන් ෆෝඩ් ප්රධාන චරිතයට දායකව සිටියි. ක්රිස් ප්රිට් පවසන්නේ තමන් ‘ඉන්දියානා ජෝන්ස්’ චිත්රපටය සඳහා එක්වුවහොත් ෆෝඩ් අවතාරයක් ලෙසින් පැමිණ තමන් බිය කරනු ඇති බවය. එමෙන්ම ඔහුගේ අදහස වන්නේ ෆෝඩ්ගේ ඉවත්වීමත් සමග ‘ඉන්දියානා ජෝන්ස්’ චිත්රපට නැවත නිර්මාණය නොකළ යුතු බවය.