‘ඇවෙන්ජර්ස්’ පසුකළ හෝලන්ඩ්ගේ අලුත්ම ‘ස්පයිඩර්මැන්’ චිත්රපටය
මේ වසරේ දෙසැම්බර් මාසයේදී ප්රදර්ශනය විමට නියමිත ටොම් හෝලන්ඩ්ගේ ‘ස්පයිඩර් මැන් - නෝ වේ හෝම්’ චිත්රපටයේ ප්රචාරක පටය පසුගිය අඟහරුවාදා ‘මාවල්’ චිත්රපට සමගම විසින් නිකුත් කර තිබුණ බව වාර්තා වෙයි.
එය පැය 24ක් ගත වෙන්නට පෙර ලෝකය පුරා හොලිවුඩ් චිත්රපට ප්රේක්ෂයින් මිලියන 355ක් නරඹා තිබුණි. මීට පෙර පැය 24ක් තුළදී චිත්රපටයක ප්රචාරක පටයක් නරඹා තිබුණේ 2019 වසරේ තිරගත වූ ‘ඇවෙන්ජර්ස් ඊන්ද ගේම්’ චිත්රපටයේ ප්රචාරක පටය වන අතර ඒ මිලියන 289ක වාර ගාණනකි. ඒ අනුව දිනකදී චිත්රපටයක ප්රචාරක පටය නැරඹු වැඩිම වාර ගණනේ වාර්තාව ‘ස්පයිඩර් මැන්’ අලුත්ම චිත්රපටය සතුව ඇත.