‘ඇවටර්’ නැවත පෙන්වා ලාභ ලබන ජේම්ස් කැමරන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දෙසැම්බර් 16 වැනිදා නිකුත් කිරීමට සූදානම් කර ඇත Avatar: The Way of Water චිත්‍රපටයට පුර්වාදර්ශයක් ගැනීමේ අරමුණින් 2009 වසරේ තිරගතකළ ‘ඇවටර්’ චිත්‍රපටය නැවත වරක් ඇමෙරිකව තුළ ප්‍රදර්ශනය කිරිමට චිත්‍රපට අධ්‍යක්ෂක ජේම්ස් කැමරන් පසුගියදා කටයුතු කරනු ලැබීය.

මීට දින කිහිපයකට පෙර ප්‍රදර්ශනය ආරම්භ කළ මෙම චිත්‍රපටය තිරගත කළ පළමු දිනයේදීම ඇමෙරිකානු ඩොලර් මිලියන 12ක ආදායමක් උපයා ගන්නට සමත්ව ඇත. Avatar: The Way of Water චිත්‍රපටය පැය තුනක කාලයක් විකාශය වෙන අතර, විචාරකයින් පවසන්නේ එයද විශාල ආදායමක් උපයාගන්නට හැකියාව ඇති සුපිරි හොලිවුඩ් චිත්‍රපටයක් වනු ඇති බවය.