ඇය මගේ නිවසේ කුමරියයි. ඒ ගැන කතා කරන්නවත් මට අවශ්‍ය නෑ
සනී ලියෝන් කියන්නේ ඉන්දියාවේ විතරක් නෙමෙයි, මුළු ජාත්‍යන්තරයේම අවධානය දිනාගත්තු නිල් චිත්‍රපට නිලියක්. ඒ නිසාම ලංකාවෙත් සනීව නොදන්නා කෙනෙක් නැති තරම්.
2011 ඇයගේ විවාහයෙන් පස්සේ සනීව වැඩිපුරම කතා බහට ලක් වුණේ ඇය මව්පියන් අහිමි වූ මාස දෙකක කුඩා බිලිදියකට මව වීමට තරම් ආදරණිය ගැහැනියක් වුණු නිසා.
පසුගිය මාසයේදී සනී ලියෝන්ට ඇය තම හදා වඩා ගත් දියණිය වන නීශා ගැන සැලකිල්ලක් නොදක්වන බවට නොයෙකුත් අකාරයේ චෝදනා එල්ල වුණා.
සනී ලියෝන් ඊට පෙරලා පිළිතුරු දීමට කිසිදු උනන්දුවක් නොදැක්වුවත් ඇගේ ආදරණිය සැමියා වන ඩැනියෙල් වෙබර් ඇය වෙනුවෙන් ඇයට එල්ල වුණු චෝදනාවලට පිළිතුරු දීමට ඉදිරිපත් වී තිබෙනවා.
"අනේ දෙයියනේ, මේක විකාරයක්, මට ඒ ගැන කතා කරන්නවත් අවශ්‍ය නැහැ. ඇත්තටම මට මිනිස්සු මොනව හිතුවත් වැඩක් නැහැ. හිතන්න, මගේ පුතාට වයස අවුරුදු තුනයි, ඔවුන් වන සතුන් මෙන් වනෝද්‍යානයේ දුවනවා, මගේ දුවට වයස අවුරුදු 6 යි, ඇය ඇවිදින්න දන්නවා."
ඒ වගේම ඔහු තම හදා වඩා ගත දියණිය වන නීශා ගැන පැවසුවේ "ඇය මගේ නිවසේ කුමරියයි." යනුවෙනුයි.
එය ඔවුන්ට එල්ල වුනු චෝදනාවලට දුන්නු ඉතාම ආදරණිය පිළිතුරක්. ඔවුන් නීශාව මහාරාෂ්ට ප්‍රාන්තයේ ළමා නිවාසයකින් හදා වඩා ගැනීමට කටයුතු කරන්නේ 2017 වසරේදියි.
දැන් ඇය වයස අවුරුදු 6ක ඉතාමත් සුන්දර ළදැරියක්.