ඇමෙරිකාවේ සිටි ධනුෂ් හදිසියේම ඉන්දියාවට
හොලිවුඩ් චිත්‍රපට රූපගත කිරිමකට දායකව සිටි ධනුෂ් හදිසියේම ඉන්දියාවේ හයිද්‍රබාද් නගරයට පැමිණ ඇත. ඒ ඔහුගේ අලුත්ම දකුණු ඉන්දීය චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහා සම්බන්ධ වීමටය. කාර්තික් නාරයන් විසින් අධ්‍යෂක්ෂණය කරන මෙම චිත්‍රපටය දැනට තාවකාලිව නම තබා ඇත්තේ ‘ඩී43’ ලෙසය.
ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටයේ ඔහු සමගින් නවක නිළි මාල්විකා මෝහන් රංගනයෙන් දායක වෙයි. මෙම චිත්‍රපටයේ රූපගත කිරිම් සියයට 90ක් හයිද්‍රබාද් නගරයේ සිදු කිරීමට නියමිතව ඇත.