ඇමෙරිකාවේ කොවිඩ් රැල්ල නිසා ‘වෙනොම්’ දෙවැන්නේ ප්‍රදර්ශනය අත්හිටුවයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘මාවල්’ චිත්‍රපට සමාගම විසින් නිර්මාණය කළ ‘වෙනොම්’ දෙවැනි චිත්‍රපටය දින නියමයක් නොමැතිව ප්‍රදර්ශනය අත්හිටුවා ඇතැයි වාර්තා වෙයි. මෙසේ ප්‍රදර්ශනය කිරිම අත්හිටුවා ඇත්තේ නැවත වරක් ඇමෙරිකාව තුළ ‘කොවිඩ්’ රැල්ලක් නිර්මාණය වී තිබිම හේතුවෙනි.

මෙම චිත්‍රපටය සැප්තැම්බර් 24 වැනිදා ප්‍රදර්ශනය කරන්නට සැළසුම් කර තිබුණද ‘කොවිඩ්’ තත්ත්වය හේතුවෙන් මේ දින තිරගත නොකරන්නට ‘මාවල්’ චිත්‍රපට සමාගම පියවර ගෙන ඇත. කෙසේ වෙතත්, නිල නොළත් ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ මෙම චිත්‍රපටය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකාව හැරෙන්නට තෝරාගත් විදෙස් රටවල් කිහිපයක ප්‍රදර්ශනය කරන්නට සුදානම් කර ඇති බවය.