ඇඳුම් වගේ පෙම්වතුන් මාරු කරන සුපිරි හොලිවුඩ් නිළි ඇන්ජලිනා
වසර ගණනාවක් තම සැමියාව සිටි බ්‍රැඩ් ප්රිට්ගෙන් වෙන්වූ පසුව සුපිරි හොලිවුඩ් සිනමා නිළි ඇන්ජලීනා ජොලී මේ වනවිට පෙම්වතුන් කිහිප දෙනෙකු ඇසුරු කර ඇතැයි වාර්තා වෙයි. මේ දිනවල ඇය ඔස්කාර් සම්මානලාභී පෝල් මෙස්කල් සමගින් ප්‍රේම සම්බන්ධයක් පවත්වන බවට තොරතුරු ලැබේ.
පෝල් වසර ගණනාවක් තිස්සේ ජනප්‍රිය ඇමෙරිකානු පොප් ගායිකාවක් වූ ෆෝබ් බ්‍රිජර්ස් සමගින් ප්‍රේම සම්බන්ධයක් පවත්වනු ලැබීය. ඇයගෙන් පෝල් වෙන්වීමත් සමග ඔහු ඇන්ජලිනාට සමිප වී ඇති බවට තොරතුරු ලැබෙයි. පසුගිය සති අන්තයේදී එංගලන්තයේ ලන්ඩන් නුවරදී ඇන්ජලිනා හා පෝල් දෙදෙනා එකට කෝපි එකක් බොන අයුරු දැකගත හැකි විය. ඊට ඇන්ජලිනාගේ දියණිය ෂිලෝ ද පැමිණි සිටියහ.