ඇන්ජලිනා ජොලිගේ දරුවනුත් සිනමාවට එකතු වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය හොලිවුඩ් සිනමා නිළි ඇන්ජලිනා ජොලී හා ඇයගෙන් දැනට නීතියෙන් වෙන්වූ බ්‍රැට ප්‍රිට් දෙදෙනා හදාගත් දරුවන් වූ 18 වැනි වියෙහි පසුවන මැඩෙක්ස් හා 21 වැනි වියෙහි පසුවන පැක්ස් මේ වනවිට හොලිවුඩ් සිනමා කර්මන්තයට එකතු වී තිබෙන බවට තොරතුරු වාර්තා වෙයි. ඒ ‘විතවුට් බ්ලඩ්’ නම් චිත්‍රපටයේ සහකාර අධ්‍යක්ෂවරුන් ලෙසය.

මෙම චිත්‍රපටයේ සල්මා හෙයික් හා ඩෙමියන් බිචර් ප්‍රධාන චරිත සඳහා එක්වන අතර, චිත්‍රපටය ඉතාලියේ මේ වනවිට රූපගත කෙරෙමින් පවතියි. ඇන්ජලිනා මේ සම්බන්ධව අදහස් දක්වමින් පවසා ඇත්තේ සිය දරුවන් තම රැකියාවන්වල හොඳින් කටයුතු කරමින් සිටින බවය. එමෙන්ම ඇය පවසන්නේ සිනමා කර්මාන්තය පිළිබඳව පුළුල් අවබෝධයක්ද ඔවුන්ට ඇති බවය.