ඇදුමක් ගනිද්දි ලස්සනයි වටිනාකමයි දෙකම මම බලනවා
ජනප්‍රිය ටෙලි නාට්‍යය කිහිපයකම දුටු අයෝධ්‍යා දක්ෂිකා රත්නසිරි වර්තමානයේ නම් එතරම් කලා කටයුතුවල දකින්නට ලැබෙන කලා ශිල්පිණීයක් නෙවෙයි. කලා කටයුතුවලට වගේම විලාසිතාවලට දැඩි ලෙස ප්‍රිය කරන අයෝධ්යාගෙන් අපි විලාසිතාවලට තියෙන කැමැත්ත ගැන ඇයගෙන් මෙවර විමසුවා.
විලාසිතාවලට අයෝධ්‍යාගේ තියෙන කැමැත්ත කොහොමද?
විලාසිතාවලට කාන්තාවන් විදිහට අපි කවුරුත් කැමතියිනේ. ඉතින් මාත් ගොඩක් ආසාවෙන් කරන දෙයක් තමයි විලාසිතා කියන්නේ. හැබැයි මම කාලෙන් කලේට එන හැම විලාසිතාවක්ම කරන්නේ නැහැ මට ගැලපෙන විලාසිතා පමණක් මම තෝරා බේරාගෙන කරනවා.
ඔබ විලාසිතාවලට මාසිකව කොපමණ මුදලක් වියදම් කරනවාද?
එහෙම නිශ්ච්ත ගාණක් කියන්න අමාරුයි. සමහර මාසවලට ඇඳුම් කිහිපයක් ගත්තත් සමහර මාසවල ඇඳුමක් ගන්නේ නැති අවස්ථාත් තියෙනවා ඉතින්.
ගන්න ඇඳුම් කොපමණ කල් අඳිනවද?
මම සාමාන්‍යයෙන් ගන්න ඇඳුමක් සෑහෙන කාලයක් අදිනවා. මොකද ඇඳුම් තෝරද්දි මම ගොඩක් වෙලාවට හොඳම වර්ගයේ ඇඳුම් ගන්න උත්සාහ කරනවා. ඒ නිසා ඒවා කාලයක් මට අඳින්න පුළුවන්.
ඇඳුමක් ගනිද්දි මුලින්ම බලන්නේ ලස්සනද.. නැත්නම් එහි වටිනාකමද?
ලස්සන හා වටිනාකම දෙකම මම බලනවා. ඒ දෙවර්ගයේම හොඳ ඇදුම් තියෙනවා.
නිතර ඇඳුම් ගන්න යන තැනක් තියෙනවාද?
එහෙම නෑ. ඇඳුම හොඳ එකක් නම් මට ගැළපෙනවා නම් ඒක මම ඕනා තැනකින් ඒක මිළඳි ගන්නවා. එහෙම විශේෂ තැන් කියලා නැහැ මට ඇඳුම් ගන්න යන්න.
ඇඳුම් ගන්න යන්නේ කාත් එක්කද?
ගොඩක් වෙලාවට යන්නේ අම්මා එක්ක. අම්මාත් එක්ක ඇඳුම් ගන්න යන එක මට පහසුයි. මොකද, අම්මාට තෙරෙනවා මගේ කැමැත්ත මොන වගේද කියලා. ගොඩක් වෙලාවට අම්මා තමයි මට ඇඳුම් තොරන්නේ.
අඳින්න වැඩියෙන්ම කැමති ඇඳුම මොකක්ද?
මම ගොඩාක්ම ආස දිග ගවුම් වලට. ගොඩක් අය කියනවා මට ඒ ඇඳුම් ගැළපෙනවා කියලා. මාත් ඉතින් හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ඒ වගේ ඇඳුම් අඳින්න තමයි.
බුද්ධික සේනාධීර