ඇකුවාමැන් දෙවැන්නට ඩෙෆ්ගේ හිටපු බිරිඳ ඉන්නවා
ජොනි ඩෙෆ්ගේ දික්කසාද නඩුව හේතුවෙන් මේ වනවිට ලෝකයේම අවධානය දින සිටින සිනමා නිළි ඇම්බර් හාර්ඩි ලබන වසරේ මාර්තු මාසයේ ප්‍රදර්ශනය වීමට සූදානම් කර ඇති ‘ඇකුවාමැන් ඇන්ඩ් ද ලොස්ට් කිංඩම්’ චිත්‍රපටයන් ඉවත් කළ පුවතක් පසුගිය දිනවල වාර්තා විය.
කෙසේ වෙතත්, චිත්‍රපටය නිෂ්පාදනය කරමින් අධ්‍යක්ෂණය කරන ජේම්ස් වැන් පවසන්නේ ඇම්බර් මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායක වන මේරා චරිතය තවමත් ඇය සතුව තිබෙන බවය. වෑන් වැඩිදුරටත් පවසන්නේ චිත්‍රපටයේ සියයට 80කට වඩා වැඩි ප්‍රමාණයක් රූපගත කර ඇති හෙයින් ඇයව ඉවත් කිරිමට මේ වනවිට නොහැකි තත්ත්වයක් මතුව තිබෙන බවය.