ආලියාට තවත් දකුණු ඉන්දීය චිත්‍රපටයක්
නිරන්තරයෙන්ම බොලිවුඩ් සිනමාව තුළ කතාබහට ලක්වන සිනමා නිළියක් බවට වර්තමානයේ පත්ව ඇති සුරූපි ආලියා භාට්ට තවත් දකුණු ඉන්දීය චිත්‍රපටයක් සඳහා එක්විමට ඇරයුම් ලැබී ඇතැයි වාර්තා වේ.
මේ වනවිට ඇයට එක්විමට ලැබි ඇත්තේ දකුණු ඉන්දිය සුපිරි සිනමා අධ්‍යක්ෂවරයෙකු වූ ශංකර් විසින් නිර්මාණය කරන අලුත්ම චිත්‍රපටය සඳහාය. ඇය එහි රංගනයෙන් දායක වන්නේ රාජ්මෞලිගේ චිත්‍රපටයේද ඇය සමග පෙනී සිටින තෙළෙඟු සිනමා නළු රාම් චරන් බව දැන ගැනීමට ලැබේ.