ආලියාගේ විවාහයට නොපැමිණ භාට් පවුලේ සාමාජිකයෝ
අප්‍රේල් 14 වැනිදා පැවැති ආලියා භාට් හා රන්බිර් කපූර්ගේ විවාහය පවුලේ සාමාජිකයන්ට පමණක් වෙන්ව තිබුණි. කෙසේ වෙතත්, වාර්තාවන අන්දමට ආලියාගේ මාමාවරුන් කිහිප දෙනෙකු ඇයගේ විවාහ මංගල්‍යයට එක් නොවුන බව සඳහන් වෙයි.
මෙහි විශේෂත්වය වන්නේ ආලියා හා රන්බිර්ගේ විවාහය ප්‍රසිද්ධ කළ රොබින් භාට් මෙම විවාහ මංගල්‍යයේදී දකින්නට නොලැබීමය. ඉන්දියන් ටුඩේ පුවත්පතට අදහස් දක්වමින් ඔහු පවසා තිබුණේ තමාගේ ළඟම හිතවතෙකුගේ අවමංගල්‍යයට සහභාගි වීම හේතුවෙන් මෙම විවාහ මංගල්‍යයට එකතු වීමට නොහැකි වූ බවය. එමෙන්ම මුකේෂ් භාට්ද මෙම විවාහයට එක්නොවුණ අතර, ඊට ඔහු මේ දක්වා ප්‍රතිචාර දක්වා නොමැත.