ආලියා සිය විවාහය ස්ථීර කරයි
සුපිරි බොලිවුඩ් සිනමා නිළි ආලියා භාට් හා වසර දෙකක් තිස්සේ ඇයගේ පෙම්වතාව සිටින සිනමා නළු රන්බිර් කපූර් අතර විවාහය මේ වසරේ අගදී සිදුවීමට නියමිත බව වාර්තා වෙයි. ආලියා මෙන්ම රන්බිර්ද මේ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් නිකුත් නොකළඳ ආලියා හා සිනමා නිළි ලාරා දත්තා අතර සිදුවු විඩියෝ සකාච්ඡාවකදී ඇය සිය විවාහය මේ වසරේදී සිදු කරන්නට බලාපොරොත්තු වෙන බව පවසා ඇත.
ඒ අනුව ලාරා මෙම පුවත ප්‍රසිද්ධ කර තිබෙන අතර, ඉන්දිය සමාජ පිටු අතරේ මෙන්ම වෙබ් අඩවි කිහිපයකද මෙය ප්‍රධාන සිරස්තලය බවට පත්ව ඇත. එහෙත්, මේ වසරේ කවදා කෙදිනක කුමන ස්ථානයක මෙම විවාහ මංගල්‍යය පවත්වනවාද යන්න වාර්තා නොවේ.