ආලියා තනිවම සිද්ධාර්ත්ගේ මංගල්‍යයට යයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය සති අන්තයට යෙදි තිබුණ කියාරා හා සිද්ධාර්ත්ගේ විවාහ මංගල්‍යය සඳහා සුපිරි තරු වෙනුවෙන් ප්‍රිය සම්භාෂණ උත්සවයක් මුම්බායි හි තරු හෝටලයක සංවිධානය කර තිබුණි. මීට බොලිවුඩ් සිනමා තරු, ක්‍රිකට් ක්‍රීඩකයෝ මෙන්ම ප්‍රකට දේශපාලනඥයෝද රැසක් සහභාගි විය.

මෙම උත්සවයට පැමිණි පිරිස අතරේ වැඩිම අවධානය යොමු වුයේ මෑතකදී මව් පදවිය ලැබු ආලියා භාට් තනිවම මෙම උත්සවයට පැමිණිමයි. සිද්ධාර්ත්ගේ පළමු සිනමා පෙම්වතිය මෙන්ම වසර කිහිපයක් සැබෑ ජිවිතේද පෙම්වතියව සිටි ආලියා මෙසේ තනිවම මෙම උත්සවයට පැමිණිම බොහෝ දෙනෙකු දැඩි කතාබහට ලක්ව තිබුණි.