ආරියයන් මත්ද්‍රව්‍ය චෝදනාවෙන් නිදහස් වන ලකුණු
මේ වනවිට ඇප මත නිදොස්ව සිටින සුපිරි බොලිවුඩ් සිනමා නළු ෂාරුක් ඛාන්ගේ වැඩිමහල් දරුවා වන ආර්යයන් ඛාන් හා ඔහු සමගින් වැරදිකරුවන් වූ අනෙකුත් දෙදෙනාට එල්ල වී ඇති මත්ද්‍රව්‍ය චෝදනාවලින් නිදහස් වීමට මේ වනවිට හැකියාව පවතින බවට මුම්බායි මහාධිකරණය නියෝග කර ඇත.
ඒ මොවුන් තිදෙනා වැරදිකරුවන් කිරිමට තරම් ප්‍රමාණවත් සාක්ෂි මේ වනවිට නොමැති වීමත් ඔවුන් තිදෙනා වට්සැප් දුරකතන මාර්ගයෙන් කළ කෙටි පණිවිඩ වැරදිකරුවන් කරන්නට තරම් ධනාත්මක සාක්ෂියක් නොවන බවත් මහාධිකරණ විනිසුරුවන් දන්වා තිබේ.