ආර්යයන් නළුවෙක් ලෙස බොලිවුඩයට එයිද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුපිරි බොලිවුඩ් සිනමා නළු ශාරුක් ඛාන්ගේ වැඩිමහල් පුත් ආර්යන් ඛාන් මේ දිනවල අධ්‍යක්ෂකවරයෙකු ලෙස සිය මංගල දර්ශනයට සූදානම් වෙමින් සිටින බව වාර්තා වෙයි. කෙසේ වෙතත්, දැනට ලැබෙන තොරතුරුවලට අනුව ආර්යයන් සිනමා නළුවෙක් ලෙස බොලිවුඩ් සිනමාවට ගෙන ඒමට නිෂ්පාදකවරු මෙන්ම අධ්‍යක්ෂවරු කිහිප දෙනෙකු උනන්ඳුවෙන් බලා සිටින බව සඳහන් වෙයි.

ඒ අතර ෂාරුක්ගේ සමිපතමයින් වූ චිත්‍රපට නිෂ්පාදක ආදිත්‍ය චොප්රා, ධරම් චිත්‍රපට නිෂ්පාදන ආයතනයේ අධ්‍යක්ෂක කරන් ජෝහර් මෙන්ම ෂාරුක් රඟපෑ චිත්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කළ නර්තනාචාරි ෆාරා ඛාන්ද ඉදිරියෙන්ම සිටියි. කෙසේ වෙතත්, ෂාරුක් ඛාන් පවසන්නේ ආර්යයන්ගේ කැමැත්ත මත ඉදිරියේදී ඔහු නළුවෙක් ලෙස හෝ අධ්‍යක්ෂවරයෙකු ලෙස තමන්ගේ සිනමා ගමන තිරණය කරනු ඇති බවත්, දැන්ම ඒ පිළිබඳව කිසිවෙකු බලාපොරොත්තු සහගතව නොසිටිය යුතු බවත් ඔහු පවසා ඇත.