ආර්යයන් ඛාන්ට අහිමි වූ විදෙස් ගමන් බලපත්‍රය නැවතත්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය වසරේ ඔක්තෝබර් 03 වැනිදා මුම්බායි වෙරළට ඔබ්බෙන් ගෝවා නගරය බලා පිටත්ව යන යාත්‍රා කළ නෞකාවක මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටින අතර, බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ වැඩිමහල් පුත් ආර්යයන් ඛාන් අත් අඩංගුවට ගත් නඩුව අදටද විමර්ෂණය වෙමින් පවති.

මීට දින කිහිපයකට පෙර නැවතත් මෙම නඩුව විභාග කරන අවස්ථාවේදී ආර්යයන් වෙනුවෙන් පෙනි සිටි ඔහුගේ නීතිඥයින් වන අමිත් දේසායි සහ දේශායි දේසායි අධිකරණයට අයදුම්පතක් ඉදිරිපත් කරමින් ආර්යයන් සතු විදෙස් ගමන් බලපත්‍රය නැවත ලබා දෙන ලෙස ඉල්ලිම් කොට ඇත. එය සැළකිල්ලට ගනිමින් මුම්බායි අධීකරණය ඔහුට එය නැවත ලබාදීමට කටයුතු කර තිබුණ අතර, ආර්යයන්ට මේ වනවිට විදෙස් ගතවීඹට තහනම් නොමැති බවද දන්වා තිබේ.