ආරාධිත නර්තනයට සමන්තාට කෝටි එකාහාමරක් ගෙවලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වනවිට ආදායම් වාර්තා බිඳ දමමින් තිරගත වෙන පුෂ්පා තෙළෙඟු චිත්‍රපටය මේ වනවිට ඉන්දිය රුපියල් කෝටි 300කට ආසන්න මුදලක් උපයා ගැනිමට සමත්ව ඇතැයි වාර්තා වේ. හින්දි භාෂාවෙන්ද මෙම චිත්‍රපටය හඬකවා උතුරු ඉන්දියවේ ප්‍රදර්ශනය කර තිබුණ අතර, එම චිත්‍රපටයද මේ වනවිට ඉන්දිය රුපියල් කෝටි 88ක් උපයා ගෙන ඇත.

මෙම චිත්‍රපටය සඳහා ආරාධිත නර්තනයකින් සුපිරි දකුණු ඉන්දීය සිනමා නිළි සමන්තා රිතු දායකව සිටින අතර, නිෂ්පාදකයින් විසින් ඇයට ඒ සඳහා ඉන්දීය රුපියල් කේටි 1.5ක මුදලක් ගෙවා තිබෙන බව වාර්තා වෙයි.