ආයෙත් සුපර් මෑන් චිත්රපටයක් නිර්මාණය වෙන්නේ නැහැ
හොලිවුඩයේ ජනප්රිය චිත්රපට මාලාවක් වූ ‘සුපර් මෑන්’ චිත්රපටය මින් ඉදිරියට නිර්මාණය නොකරන බව ප්රකට DC සමාගම පසුගියදා දැනුම් දී ඇත. ඒ අනුව කැවිල් හෙන්රි යළිත් වතාවක් සුපර් මැන් ලෙස නොදකින බවද ඔවුන් මේ සම්බන්ධව වැඩිදුරටත් පවසා ඇත.
සුපර් මෑන් චිත්රපටය නොකරන නිසාම ඔවුන් බ්ලැක් ඇඩම් හා ෂාශම් චිත්රපටවල කොටස් වැඩිපුර නිර්මාණය කරන්නට ඉදිරි කාලයේදී බලපොරොත්තුවෙන බව සඳහන් කර තිබේ. එහෙත්, ජස්ටින් ලිග් වැනි සුපිරි විරයන් කිහිප දෙනෙකු සම්බන්ධ වන නිර්මාණයකට නැවත වරක් සුපර් මැන් ගෙන එන්නට ඔවුන් සැලකිළිමත් වෙන බවද ඉඟි කර තිබේ.