ආමීර් ගේ තෙවන විවාහය
ආමීර් ඛාන්ගේ සහ කිරාන් රාඕ ගේ දික්කසාදය පිළිබඳ පුවත ඔහුගේ රසිකයන් පුදුමයට පත් කළේය. මේ දිනවල ඔවුන් තවත් පුදුම වී සිටින්නේ ආමීර් සිය තෙවන විවාහය පිළිබඳ පුවත ප්රකාශයට පත් කරන්නේ අලුත්ම චිත්රපටිය ලාල් සිං චද්ධා තිරගත වීමෙන් අනතුරුව බවට පැතිර ගිය කටකතාවය.
“ඒක එහෙම පිටින්ම බොරුවක්.. ආමීර් තවමත් තුන් වෙනි විවාහයක් ගැන හිතලා නෑ..”
එසේ පවසා තිබුණේ ඔහුගේ සමීපතමයෙකි.
ඔහු සමඟ දංගාල් චිත්රපටියේ රඟ පෑ සහාය නිළිය ෆාතිමා සානා ෂෙයික් සමඟ සම්බන්ධයක් ඇතැයි ද, ඔහු කිරාන්ගෙන් දික්කසාද වූයේ ඇය විවාහ කර ගැනීම පිණිසයයි ද කසුකුසුවක් පසුගිය දිනවල පැතිර ගොස් තිබිණි. එහෙත් ආමීර් එයට කිසිදු ප්රතිචාරයක් දක්වා නැත.
කිරාන්ගෙන් වෙන් වුව ද ඔවුන් දෙදෙනා ලාල් සිං චද්ධා චිත්රපටියේ නිෂ්පාදන කටයුතු වෙනුවෙන් එකට වෙහෙස වෙති. පසු ගියදා ඔවුහු පුතු අසාද් සමඟ දිවා ආහාරයකටත් ගියහ.