ආබාධික දරුවන්ට මවක් වුණ ශ්‍රී ලීලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය වසරේ ඉන්දීය රුපියල් කෝටි 100කට වඩා වැඩි ආදායමක් උපයාගත් ඩමාකා තෙලිඟු චිත්‍රපටයේ රඟපෑ ශ්‍රී ලීලා මේ වනවිට දකුණු ඉන්දීය සිනමාව තුළ අතිශය ජනප්‍රිය සිනමා නිළියකි. මිළමුදල් යහමින් ඇති පවුල් පසුබිමක් ඇති ශ්‍රී ලීලා මේ වනවිට සිනමා නිළියකට අමතරව වෛද්‍යවරියක් ලෙසද කටයුතු කරමින් සිටියි.
තවමත් විවාහ වී නොමැති 21 වැනි වැනි වියෙහි පසුවන ලීලා පසුගිය පෙබරවාරි 22 වැනිදා ආබාධිත දරුවන් දෙදෙනෙකු හදාවඩා ගැනීමට මවක් සේ ඉදිරිපත් වීමය. මෙය බොහෝ දෙනෙකු පුදුමයට පත් කළ සිදුවීමක් වූ අතර, ඇයගේ මෙම ක්‍රියාව විශාල පිරිසක් මහා ඉහළින් අගය කරද තිබුණි.