ආදරවන්තයින්ගේ දිනයේදී ප්‍රියංකා කරපු වැඩේ
බොලිවුඩ් සිනමාවෙන් තම සිනමා ගමන ආරම්භ කළ සුරූපි ප්‍රියංකා චොප්රා මේ වනවිට වැඩිපුර සිය දායකත්වය ලබා දෙන්නේ හොලිවුඩ් සිනමාවටය. පසුගිය පෙබරවාරි 14 වැනිදාට යෙදි තිබුණ වැලන්ටයින් දිනයේදී ඇය සිය අලුත්ම චිත්‍රපටයේ ප්‍රචාරකපටය නිකුත් කරන දිනය තම සමාජ පිටු හරහා ප්‍රසිද්ධ කරනු ලැබීය.
ඒ ජේමිස් ස්ට්‍රෙවස් විසින් අධ්‍යක්ෂණය කරණු ලැබු ලව් අගේන් චිත්‍රපටයයි. මෙය ලබන මැයි 12 වැනිදා හොලිවුඩයේ ප්‍රදර්ශනය වීමට නියමිතය. ප්‍රියංකා සමගින් මෙහි සෑම් හියුගන් හා සෙලින් ඩියොන් රංගනයෙන් දායක වෙයි. මෙය සුන්දර ආදර කතාවක් ඇතුළත් චිත්‍රපටයකි.