ආතියාගේ විවාහය ලබන වසරට කල් යයි
තවත් මාස තුනකින් පැවැත්වීමට නියමිත ව තිබු ආතියා, රාහුල් විවාහ මංගල්‍යය දැන් ලබන වසර තෙක් කල් ගොස් ඇතැයි වාර්තා වෙයි. කුමන පදනමක් මත මෙම විවාහය මෙසේ කල් යවන්නේද යන්න තවමත් බොහෝ දෙනෙකුට ප්‍රශ්නාර්ථයක් වී තිබෙන අතර, රාහුල් ඉන්දීය වෙබ් අඩවියක් සමග එක්වෙමින් පවසා තිබුණේ තමන් හෝ ආතියා විවාහ වන දිනයක් කිසිදා ප්‍රසිද්ධ නොකළ බවය.
රාහුල් මෙන්ම ආතියාගේ පවුලේ උදවිය මේ වනවිට ලබන වසරේ මුල් භාගයේදී මෙම විවාහය පැවැත්වීමට සැළසුම් කරමින් සිටින අතර, තවමත් එම දිනය ප්‍රසිද්ධ කිරිමට ඔවුන් කටයුතු කර නොමැති බව සඳහන් වෙයි. මේ පිළිබඳව අවධානයෙන් පසුවන බොහෝ දෙනෙකු පවසන්නේ මෙය රන්බිර් හා ආලියාගේ විවාහය මෙන්ම කිහිප වරක් කල් යන එකක් වනු ඇති බවය.