ආතියාගේ විවාහය ගැන නැවතත් සුනිල් ෂෙට්ටි කට අරි
මේ වසරේ සිය දියණිය විවාහ වෙන බවට පුරසාරම් දෙඩු සුනිල් ෂෙට්ටි නැවතත් ආතියගේ විවාහය ගැන තොරතුරු අලුත් කර තිබේ. ඔහු පවසන්නේ ආතියාගේ පෙම්වතා වන ඉන්දිය ක්‍රිකට් නායක ලොකේෂ් රාහුල් මේ වනවිට ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස කාර්යබහුලය ඇති නිසාවෙන් ආතියා හා ඔහුගේ විවාහය දින නියමයක් නොමැති කල් ගොස් ඇති බවය.
සුනිල් ෂෙට්ටි පවසන්නේ දිනකින් දෙකකින් මෙම විවාහය සිදු කරන්නට හැකි නම් තමන් මෙන්ම සිය දියණියගේ පෙම්වතාද වඩාත් කැමැත්තෙන් සිටින නමුත්, ආතියගේ විවාහය දින කිහිපයක් පැවැත්වීමට ඇති ආසාව නිසාවෙන් මෙසේ ඇයගේ විවාහය තම පවුලට කල් දැමිමට සිදු වු බවද ඔහු පවසා සිටියි.