ආතියා ෂෙට්ටිගේ විවාහය දෙසැම්බර්?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අතියා ෂෙට්ටි සහ කේ එල් රාහුල් ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය ප්‍රසිද්ධියේ පිළි ගත්තා පමණක් නොව අහාන් ෂෙට්ටි නළුවෙකු ලෙස දොරට වැඩි තාදප් චිත්‍රපටියේ මංගල දර්ශනය නැරඹීමට ද ගියේ එකටය. ඉනික්බිතිව රසිකයන්, මාධ්‍යවේදීන් ඇතුළු සියලු දෙනාම විමසිලිමත් වූයේ ඔවුන්ගේ විවාහය පිළිබඳවය. 

ෂෙට්ටි පවුලෙන් ලැබෙන වාර්තාවලට අනුව අතියා ගේ පියා සුනීල් ෂෙට්ටි දියණියගේ විවාහය පිළිබඳව කතා කරන්නේ බොහෝ හැඟුම්බරවය. එය ඔවුන්ගේ පවුලේ කලකට පසු සිදු වන පළමු විවාහ මංගලෝත්සවය බැවින් සියලු දෙයක්ම සර්වසම්පූර්ණව සිදු වෙනවා දැකීම ඔහුගේ බලාපොරොත්තුවයි. එම නිසාම දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන උත්සවය වෙනුවෙන් මේ වන විටත් ඔහු හොඳම හෝටල්, ආහාර පාන සපයන්නන්, මෝස්තර ශිල්පීන් වෙන් කරගෙන අවසානය. 

ජූහුවල තරු පහේ හෝටලයක උත්සවය පැවැත්වෙන අතර ක්ෂේත්‍රයේ හැම කෙනෙකුටම ඒ සඳහා ආරාධනා ලැබෙන බැව් ආරංචි මාර්ග පවසයි. ඉන්දියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයා  වූ කේ එල් රාහුල් ඔහුගේ සමීපතම ක්‍රිකට් ක්‍රීඩකයන්ට ද ඇරයුම් කරනවා ඇත. මෑත යුගයේදී නොපැවැත්වුණ තරමේ අති උත්කර්ෂවත් මංගල උත්සවයක් සිය දියණිය වෙනුවෙන් පැවැත්වීමට සුනීල් ෂෙට්ටි සිහින දකින්නේය. 

ඔහුගේ පියා විරප්පා ෂෙට්ටිගේ සිහිනය වූයේ ද අතියා වෙනුවෙන් අලංකාර මංගල උත්සවයක් පැවැත්වීමය. එහෙත් 2013 දී ඔහු මිය ගියේ ඒ සිහිනයත් සිතේම සිර කරගෙනය. සිය පියා ගේ අරමුණ එයාකාරයෙන්ම ඉටු කරන්නට සුනීල්ට වුවමනා වී තිබේ.  
“ඔය ආරංචි ඔක්කොම බොරු කතා.. අතියාට චිත්‍රපටි දෙකක වැඩ සම්පූර්ණ කරන්න තියෙනවා.. ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ළඟ එන හින්දා ඊට ඉස්සර පැවැත්වෙන තරඟාවලි කීපයකටම සහභාගි වෙන්න රාහුල්ට සිද්ද වෙනවා.. ඉතින් එච්චර වැඩ අස්සෙ ඒ දෙන්නා මංගල උත්සවයක් පවත්වන්නෙ කොහොමද..?”

ඔවුන්ගේ මිතුරුමිතුරියෝ නම් එසේ කියති.