ආතියා, රාහුල්ගේ විවාහය තවත් මාස තුනකින් කල් යයි
සුනිල් ෂෙට්ටිගේ දියණිය ආතියා ෂෙට්ටි මේ වනවිට ජර්මනියේ රැඳි සිටියි. ඒ ඇයගේ පෙම්වතා වන ක්‍රිකට් ක්‍රීඩක කේ.එල්.රාහුල්ගේ ශල්‍ය කර්මයක් සඳහාය. ජුනි 08 වැනිදා පැවැති ක්‍රිකට් පුහුණු සැසියක් අතරතුරදී රාහුල් ඉකිලි ආබාධයකට ලක් විය.
මෙම ආබාධයක නිසාවෙන් දැනට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් තාවකාලිව ඉවත්ව සිටින රාහුල් සිය විවාහයට සූදානම් වන බව සඳහන් වෙයි. එය එළැඹෙන සැප්තැම්බර් අගදි හෝ ඔක්තෝබර් මුලදී පැවැත්වීමට නියමිතව ඇත. ආතියා හා රාහුල් වසර තුනක කාලයක් තිස්සේ පෙම්වතුන් ලෙස කටයුතු කර තිබේ.