ආක්ෂේගේ ‘ගොර්කා’ ලබන වසරට කල් යයි
මේ වසරේ රූපගත කරන්නට සැළසුම් කර තිබු සංජේ පුරන් සිං අධ්‍යක්ෂණය කරන ‘ගොර්කා’ චිත්‍රපටය ලබන වසරේ මාර්තු දක්වා රූපගත කිරිම් කටයුතු කල් දමන්නට එම චිත්‍රපටය නිෂ්පාදනය කරන නිෂ්පාදන කණ්ඩායම තිරණය කර තිබේ.
1971 වසරේ ඉන්දු - පාකිස්තානු යුද්ධය කේන්ද්‍ර කොට ගනිමින් මෙහි තිර කතාව රචනා කර තිබේ. ආක්ෂේ කුමාර් මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන අතර, ඔහු සමගින් මෙහි රංගනයෙන් දායක වෙන සෙසු නළුනිළියන් තවමත් ප්‍රසිද්ධ කර නොමැති බව සඳහන් වෙයි.