ආක්ෂේ වෙනුවට තෝරාගත් නළුවා කියන කතාව
මේ වසරේ අති සාර්ථක චිත්රපටයක් බවට බූල් බුලයියා දෙවැන්න පත් විය. එය මේ වසරේ බොලිවුඩයේ තිරගත වූ චිත්රපට අතරින් තුන්වැනි වැඩිම ආදායමක් උපයාගත් චිත්රපටය බවට පත්ව තිබේ. මෙහි ප්රධාන චරිතය නිරූපණය කරනු ලැබුවේ ජනප්රිය නවක නළු කාර්තික් ආර්යයන්.
ඔහු මෑතකදී සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පවසා තිබුණේ බූල් බුලයියා දෙවැන්න ආක්ෂේ කුමාර් විසින් රඟපාන්නට ප්රතික්ෂේප කළ චිත්රපටයකි. ඔහු ආදේශකයෙක් ලෙස එම චිත්රපටයට සම්බන්ධ වූ අතර, එය ඉහළ අදායමක් උපයාගන්නට සමත් විය. දැනට ආක්ෂේ රඟපාපු තවත් චිත්රපටයක් ඔහුට ලැබි තිබෙන අතර, ඒ ‘හේරා පේරි’ අලුත්ම චිත්රපටයයි. කාර්තික් පවසන්නේ එයද යම් විදිහකින් සාර්ථක වනු ලකුණු දැනට පවතින බවය.