අසභ්‍ය චිත්‍රපට හැදූවැයි ශිල්පා ෂෙට්ටිගේ සැමියා පොලිස් අත්අඩංගුවට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉන්දියාවේ ජනප්‍රිය නිළියක වන ශිල්පා ෂෙට්ටිගේ සැමියා රාජ් කුන්ද්රා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ව්‍යාපාරිකයකු වන ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ අසභ්‍ය චිත්‍රපට හා විඩියෝ පට නිෂ්පාදනය කිරීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණිල්ලකට අනුවය.  පරිගණක යෙදවුම් (apps) හරහා මෙම චිත්‍රපට හා විඩියෝ පට බෙදා හැර ඇති බව සඳහන් වේ.

පොලිසිය පවසන්නේ මෙම චෝදනාවලට අදාළව සාක්ෂි විශාල ප්‍රමාණයක් තමුන් සතුව ඇති බවයි. මෙම සිද්ධියෙහි මහ මොළකරු රාජ් කුන්ද්රා බව පෙනී යන්නේ යයිද පොලිසිය පවසා ඇත.

තරුණියන්ට සිනමාවට පිවිසීමට අවස්ථා විවර කර දෙන බව පවසා ඔවුන්ගේ අසභ්‍ය දර්ශන රූපගත කර පසුව ඒවා අන්තර්ජාලයට මුදා හැර ඇති බව පොලිසිය තවදුරටත් සඳහන් කරයි. මෙම සිද්ධියට අදාළව තවත් පස් දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ. කාන්තාවෝ දෙදෙනෙක්ද ඒ අතර වෙති. අත්අඩංගුවට ගත් අය අතරින් දෙදෙනකු නළුවන් ලෙස කටයුතු කළ අයයි. තවත් අයකු විදුලි ආලෝක ශිල්පියකු බව වාර්තා වේ. කාන්තාවන්ගෙන් එක් අයෙකු කැමරාකාරියක ලෙස ද, අනෙකා ග්‍රැෆික් නිර්මාණ ශිල්පිනියක ලෙසද කටයුතු කර තිබේ.

අදාළ කණ්ඩායම මාද් නමැති ගම්මානයක කුලියට ගන්නා ලද නිවසක රූපගත කිරීම් සිදු කරමින් සිටිය දී පොලිසියට ලැබුණු ඔත්තුවක් මත වැටලීමක් සිදු කර තිබිණි. පොලිසිය එහි යනවිටත් රූපගත කිරීම සිදු වෙමින් තිබූ බැව් සඳහන් වේ.  

සහන් වික්‍රමගේ