අසනිප වූ බීබර් ප්‍රසංග ගණනාවක් අවලංගු කරයි
ඇමෙරිකානු පොප් ගායක ජස්ටින් බීබර් සින්ඩ්‍රෝමයෙන් රෝගය නිසාවෙන් ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි. ඔහුගේ මෙම අසනීප තත්ත්වය හේතුවෙන් ඔක්තෝබර් 18 වැනිදා ඉන්දියාවේ නවදිල්ලි නගරයේ පැවැත්වීමට නියමිත වූ තිබු ජස්ටින් බීබර් ජස්ටිස් වර්ල්ඩ් ටුවර් ප්‍රසංගය අවලංගු කර දැමීමට මේ වනවිට කටයුතු කර ඇත.
එමෙන්ම මෙම ප්‍රසංගයට අමතරව ඉන්දියාවේ තවත් ස්ථාන කිහිපයකද බීබර්ගේ ප්‍රසංග පැවැත්වීමට සංවිධනය කර තිබුණ නමුදු ඒවාද මේ වනවිට දින නියමයක් නොමැතිව කල් ගොස් ඇත. මේ වනවිට එම ප්‍රසංග සඳහා නිකුත් කළ සියලු ප්‍රවේශ පත් විකිණි ඇති අතර, සංවිධායකයින් දැඩි අර්බුදයකට මේ වනවිට පත්ව ඇත. සංවිධායකවරයෙක් මාධ්‍යයට පවසා තිබුණේ දින දහයක කාලයක් තුළදී ප්‍රවේශ පත් ලබාගත් සැමට එම මුදල් නැවත ලබදීමට කටයුතු කරන බවය.