අලි ෆසල් නැවතත් විවාහය ගැන සිතයි
මෑතකදී එක්වූ සම්මුඛ සකච්ඡාවකදී ජනප්‍රිය හොලිවුඩ් හා බොලිවුඩ් සිනමා නළු අලී ෆසල් තමන් හා ඔහුගේ දිගුකාලීන පෙම්වතිය වූ සිනමා නිළි රිචා චඩ්ඩා අතර ප්‍රේම සම්බන්ධතාවය මේ වසරේ විවාහයකට පෙරළන්නට බලාපොරොත්තු වන බව පවසා ඇත.
පසුගිය වසරේ අවස්ථා කිහිපයකදීම තම විවාහය සිදු කර ගැනීමට උත්සාහ ගත්තද අලී ෆසල් ‘කොවිඩ්’ වසංගත තත්ත්වය හේතුවෙන් එය අත්හැර දමන්නට විය. කෙසේ වෙතත්, අලි මෙම සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබුණේ පසුගිය වසරේ තම පවුලේ සිදුවු ඛේදවාචක සිදුවිම් කිහිපයක් හේතුවෙන් සිය විවාහය අතරමග නවතා දමන්නට සිදු වු බවය.