අයිශ්වර්යාගේ ‘පොන්නි සෙල්වම්’ චිත්‍රපටය අන්තර්ජාලයට ලික් කරලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කල්කි කිෂ්ණමුර්තිගේ නව කතාවක් අනුසාරයෙන් නිර්මාණය වූ මනි රත්නම්ගේ ‘පොන්නි සෙල්වම්’ චිත්‍රපටය පසුගිය සැප්තැම්බර් 30 වැනිදා දකුණු ඉන්දීය සිනමා ශාලා තුළ ප්‍රදර්ශනය ආරම්භ කරනු ලැබීය. 2018 වසරේ ප්‍රදර්ශනය වූ ‘ෆැනී ඛාන්’ චිත්‍රපටයේ අවසන් වරට දුටු අයිශ්වර්යා රායි මෙහි ප්‍රධාන නිළි චරිතයට පණ පොවන අතර, චිත්‍රපටය මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 50කට ආසන්න ආදායමක් උපයාගෙන ඇත.

එහෙත්, මේ වනවිට මෙම චිත්‍රපටයේ ගුණාත්මක බවින් වැඩි විඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබෙන බව සඳහන් වෙයි. මේ පිළිබඳව ආරක්ෂක අංශ දැනුම්වත් කර තිබෙන අතර, ඉක්මණින් මෙම ගුණාත්මක පටය ඉවත් කර තිබෙන බවද සඳහන් වෙයි. මෙම අකරතැබ්බයට මුහුණ දීමට රිතික් හා සායිෆ් රඟන ‘වික්‍රමවෙදා’ චිත්‍රපටයටද සිදුවු බව වාර්තා වෙයි.