අයිශ්වර්යා රජිණිකාන්ත් බොලිවුඩ් සිනමාවටත් එයි
දකුණු ඉන්දීය සුපිරි නළු ධනුෂ් සමග වසර 18ක් තිස්සේ පැවැති විවාහය අවසන් කළ රජිණිකාන්ත්ගේ වැඩිමහල් දියණිය වන අයිශ්වර්යා රාජිණිකාන්න් මේ වනවිට බොලිවුඩ් චිත්රපටයක් අධ්යක්ෂණය කරන්නට සූදානමකින් පසුවෙන බවට තොරතුරු වාර්තා වෙයි.
ඇය ‘ඉන්දීයන් ටයිම්ස්’ පුවත්පත සමග කළ සාකච්ඡාවකදී පවසා තිබුණේ දැනට මෙම චිත්රපටයේ වැඩ කටයුතු මුලික අදියරේ පවතින අතර, ඒ පිළිබඳව වැඩි යමක් කතා කරන්නට නොහැකි බවත්ය. කෙසේ වෙතත්, චිත්රපටයේ නම දැනට ප්රසිද්ධ කර තිබෙන අතර, ඒ ඕ සාති චල්. ලෙසය.