අයිශ්වර්යා මේ දේ සඟවන්නේ ඇයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දින කිහිපයක නිවාඩුවක් ගත කිරිම සඳහා ඩුබායි නගරයට ගිය අයිශ්වර්යා රායි පසුගිය සති අන්තයේදී නැවතත් සිය මුම්බායි නිවසට පැමිණ ඇත. මුම්බායි ගුවන් තොටුපොලේදී මාධ්‍යවේදින්ද මඟ අරිමින් අයිශ්වර්යා හා අභිෂේක් මෙන්ම එකම දියණිය ආරධ්‍යාද කටයුතු කළ අතර, ඇය මුළු සිරුරම වැසෙන්නට කළු පැහැති දිග ගවුමකින් සැරසි සිටි බව සඳහන් වෙයි.

ගුවන් තොටුපොලේ දුටු මාධ්‍යවේදින් පවසන්නේ අයිශ්වර්යා මෙසේ සිය ඇදුම වෙනස් කර ඇත්තේ ඇය නැවතත් ගැබිණියක් බවට ඔප්පු වේයැයි සැකයෙනි. ආරධ්‍යා ලැබෙන්නට සිටි මුල් කාලයේදීද අයිශ්වර්යා විසින් මෙවැනි පිළිවෙත් අනුගමනය කර තිබුණ බව මෙම මාධ්‍යවේදින් වැඩි දුරටත් සිය වෙබ් පිටු අතර සඳහන් කර තිබුණි.