අයිටම් ගීතයකට පළමු වතාවට එකතු වුණ මෘනල් ඨාකුර්
සීතා රාමම් චිත්රපටයේ නූර්ජාහන් කුමරිය හෙවත් සීතා මහලක්ෂ්මි චරිතයට දායක වූ සුරූපි මෘනල් ඨාකුර් පළමු වතාවට අයිටම් ගීතයක් හරහා ප්රේක්ෂක ඔබට මේ දිනවල දකින්නට ලැබේ. ඒ ආක්ෂේ කුමාර් හා එම්රාන් හෂිම් දෙදෙනා රංගනයෙන් දායක වන සෙල්ෆි චිත්රපටයේය.
මෘනල් මෙහි ඇතුළත් කුඩියේ නි තේරි ගීතයට නර්තනයෙන් දායක වෙන අතර, ඇය පළමු වතාවට අඩ නිරුවතින් ඊට පෙනී සිටිම විශේෂත්වයකි. චාම් සරළ අහිංසක චරිතවලට පමණක් සිමා වි සිටි මෘනල් මෙම අයිටම් ගීතයට පෙනී සිටිමත් සමග තමන් කොටු වී සිටි සිමාවෙන් ඉවත් වූ බව විචාරකයින් පවසා සිටියි.