අමිර් ඛාන්ගේ පුත් ජුනයිඩ්ගේ පෙම්වතිය කුෂි කපූර්ද
අමිර් ඛාන්ගේ පුත් ජුනයිඩ් ඛාන් මේ වනවිට බොලිවුඩ් සිනමාවට පිවිසිමේ සූදානමින් සිටියි. ඒ දමිල චිත්රපටය ප්රති නිර්මාණයක් වූ ලව් ටුඩේ චිත්රපටය හරහාය. දමිල නිර්මාණය කෝටි 5ක් වැය කරමින් කෝටි 150ක ආදායමක් උපයාගන්නට සමත් වූ අතර, හින්දි ප්රති නිර්මාණයද එවැනි ඉහළ සාර්ථකත්වයක් ලබාගනු ඇති බව බොහෝ දෙනෙකු අනුමාන කරමින් සිටියි.
විශේෂත්වය වන්නේ අමිර්ගේ පුත් ජුනයිඩ් මෙහි රංගනයෙන් දායක වන්නේ ශ්රී දේවිගේ වැඩිමහල් දියණිය කුෂි කපූර් සමග වීමය. සෑබැ ජිවිතේද ජුනයිඩ්ගේ පෙම්වතිය කුෂි වන බොහෝ දෙනෙකු නොදන්නා රහසකි. පසුගිය සිකුරාදා දිනයේදී ජුනයිඩ් මෙන්ම කුෂිද මෙම චිත්රපටය සඳහා ගිවිසුම් අත්සන් කරනු ලැබීය.