අමිර් ඛාන් ‘ලඟාන්’ වෙනුවෙන් දුන්න අපුරූ සාදය
පසුගිය ජුනි 15 වැනිදාට අමිර් ඛාන්ගේ නිෂ්පාදනයක් වූ ‘ලඟාන්’ චිත්‍රපටය තිරගත වී වසර 21ක් සපිරිණි. ඒ වෙනුවෙන් ඔහු ‘ලඟාන්’ චිත්‍රපටයට දායක වූ සැමට අපුරු සාදයක් සංවිධානය කර තිබුණ බව සඳහන් වෙයි.
සිය නිවසේ පැවැති මෙම සාදයේ අපුරු විඩියෝවක් මේ වනවිට අමිර් සිය සමාජ පිටු අතරේ බෙදාගෙන ඇත. අධ්‍යක්ෂ අශුතෝෂ් ගවෙස්කාර් ඇතුළු චිත්‍රපටයට සම්බන්ධ වූ සියලු නළුනිළියන් මෙම සාදයට එකතු වු අතර, ක්‍රිකට් ක්‍රීඩක ඉර්ෆාන් ඛාන් හා ක්‍රිකට් විස්තර විචාරක ආකාෂ් චොප්රාද විශේෂ ආරාධිතයින් ලෙස මීට එක්ව තිබුණි.