අමුතු අමුතු ෆැෂන් කරන රන්විර් සිංගේ අලුත්ම පෙනුම
නිරන්තරයෙන්ම විවිධ කාරණා ඔස්සේ මිනිසුන්ගේ අවධානය දිනාගන්නට සමත්ව සිටින සිනමා නළුවෙකු ලෙස ප්රසිද්ධව සිටින රන්විර් සිං මීට දින කිහිපයකට පෙර අලුත් ඇඳුම් විලාසිතාවකින් මුම්බායි ගුවන් තොටුපොළේදී දකින්නට ලැබුණි.
විදෙස් රටක සිට නැවතත් මුම්බායි ගුවන් තොටුපොළට පැමිණි සිටි රන්විර් ඇඳ සිටි ඇඳුම බොහෝ දෙනෙකුගේ අවධනය දිනාගන්නට සමත්ව තිබුණි. බොහෝ දෙනෙකු පවසන්නේ රන්විර් වැන්නෙකුට එවැනි විලාසිතා කොහෙත්ම ගැළපෙන්නේ නැති බවය. ඔහු පසුගිය කාලයේදීද මෙවැනිම අමුතු විලාසිතා ඇද පැළඳගෙන ප්රසිද්ධ උත්සවයන්ටද සහභාගි වී තිබෙනු දක්නට ලැබුණි.